Friday, April 26, 2024

General line - 0115112241

ශිෂ්‍යත්ව සම්මන්ත‍්‍රණය අම්පාරේදී අතිසාර්ථකව (UPDATE)




නෙත් එෆ් එම් රේඩියෝව හා සම්පත් බැංකුව එක්ව සංවිධාන කරන 5 වසර ශිෂ්‍යත්ව සම්මන්ත‍්‍රණ මාලාවේ තවත් අදියරක් අම්පාර බණ්ඩාරනායක බාලිකා විද්‍යාලයේදී අද (30) අතිසාර්ථකව පැවැත්වුණා.ඒ සඳහා අපේක්‍ෂිත ප‍්‍රමාණයටත් වඩා වැඩි සිසුන් පිරිසක් සහභාගි වූ බවයි නෙත් නිවුස් වාර්තාකරුවන් පැවසුවේ.

දරු දැරියන් සඳහා මෙහිදී දේශන මෙහෙයවනු ලැබුවේ සරත් ආනන්ද ගුරුතුමන් විසින්.

ඊට සහභාගි වූ සිසුන් පැවසුවේ තම දැනුම වැඩිකරගැනීමට මෙමගින් හැකිවූ බවයි.

මෙම ශිෂ්‍යත්ව සම්මන්ත‍්‍රණ මාලාව ගම්බද පළාතක පැවැත්වීම ගැන සතුටුවන බවත් 5 වසර ශිෂ්‍යත්ව විභාගයෙන් ජයගැනීමට මෙම සම්මන්ත‍්‍රණය විශාල අත්වැලක් වන බවත් එහි සිටි දෙමව්පියන් කිහිප දෙනෙකු කියා සිටියා.

…………………………………………………………

ශිෂ්‍යත්ව සම්මන්ත‍්‍රණය  අම්පාරේදී(PHOTOS)

Jul 30, 2016 @ 07:00

මෙවර 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින දරු දැරියන් වෙනුවෙන් නෙත් එෆ්.එම්. රේඩියෝව සම්පත් බැංකුව සමග එක්ව සංවිධාන කරන තවත් සම්මන්ත‍්‍රණයක්  අද  (30) පැවැත්වෙනවා. ඒ, අම්පාර බණ්ඩාරනායක බාලිකා විද්‍යාලයේදීයි.

දරු දැරියන් සඳහා මෙහිදී දේශන මෙහෙයවනු ලබන්නේ සරත් ආනන්ද ගුරුතුමන් විසින්.

දරු දැරියන් සඳහා මෙන්ම මව්පියන් වෙනුවෙන් ද මෙහිදී දේශන පැවැත්වෙනවා.

s1 s2 s3 s4 s5 s6 s7 s8 s9 s10 s11 s13 s14 s15 s16