Friday, April 26, 2024

General line - 0115112241

IPL පිටියේ වැඩිම අතපසුවීම් කෝලිගේ කණ්ඩායමට

තරංග රුක්ෂාන් - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




මේ වනවිට පැවැත්වෙන IPL ක්‍රිකට් තරගාවලියේ වැඩිම උඩ පන්දු සංඛ්‍යාවක් අතහැරි කණ්ඩායම බවට විරාත් කෝලි නායකත්වය දරණ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම වාර්තා අතරට එක්ව තිබෙනවා.

මේ දක්වා ලැබුණු උඩපන්දු 33න් 14ක්ම බැංගලෝර් ක්‍රීඩකයින් අතින් ගිලිහී ගොස් ඇති බවයි ක්‍රිකට් වාර්තා පවසන්නේ.

මීට අමතරව වැඩිම නිපන්දු සංඛ්‍යාවක් යැවූ කණ්ඩායම බවට ද පත්ව ඇත්තේ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමයි.

ඔවුන් මේ දක්වා සහභාගී වූ තරග 06යේදී නිපන්දු 06ක් යවා ඇති අතර ප්‍රතිවාදීන්ට අතිරේක ලකුණු 24ක් ලබා දී ඇති බව ද සඳහන්. මේ  දක්වා සහභාගී වූ මෙම තරග 06ම රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම පරාජයට පත්වුණා.