Saturday, April 27, 2024

General line - 0115112241

විකිලීක්ස් නිර්මාතෘ ජුලියන් අසාන්ජ් අත්අඩංගුවට




විකිලීක්ස් වෙබ් අඩවියේ සම නිර්මාතෘ ජුලියන් අසාන්ජ් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ ලන්ඩන් හි පිහිටි ඉක්වදෝර් තානාපති කාර්යාලයේදීයි.

ස්වීඩනයට පිටුවහල් කිරීම වළකාලීමට ඔහු ඉක්වදෝර තානාපති කාර්යාලයේ වසර හතක පමණ කාලයක් රැඳී සිටියා.

කෙසේ වෙතත් අසාන්ජ්ට එලෙස රැකවරණ ලබාදීම අවසන් කිරීමට ඉක්වදෝරය තීරණය කිරීමෙන් අනතුරුව ලන්ඩන් නුවර ඉක්වදෝර තානාපතිවරයා පොලිසියට තානාපති කාර්යාලයට පැමිණෙන්නැයි ඉල්ලීමක් කර තිබෙනවා.

අසාන්ජ්ට එරෙහිව ලිංගික අපයෝජන චෝදනා තිබූ නමුත්, එය පසුව ඉවත්කර ගෙන තිබිණි.