Saturday, April 27, 2024

General line - 0115112241

අවුරුදුදා කඹුරුපිටියේ ගැටුමක් : නිවසකට ගිනි තබයි, ඇසිඩ් ප්‍රහාරයෙන් 09 ක් රෝහලේ




කඹුරුපිටිය පොලිස් වසමේ ඕමාරහේන ප්‍රදේශයේ නිවසකදී දෙපිරිසක් අතර ඇතිවූ ආරවුලකදී එල්ලවූ ඇසිඩ් ප්‍රහාරයකින් පුද්ගලයින් 09 දෙනෙක් තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා. එම ඇසිඩ් ප්‍රහාරයෙන් තුවාල ලැබූ කාන්තාවන් දෙදෙනෙක් ඇතුළු පුද්ගලයින් 09 දෙනා මාතර අකුරැස්ස සහ කඹුරුපිටිය ප්‍රදේශයේ රෝහල් වෙත ඇතුලත් කිරීමට කටයුතු කර ඇති බව සඳහන්.

මිට අමතරව එම ඇසිඩ් ප්‍රහාරයට එල්ල කිරීමට අමතරව එම ගැටුම සිදුවූ බව කියන නිවසට සහ වැන් රථයකටද කිසියම් පිරිසක් විසින් ගිනි තබා ඇති අතර පොලිසිය සහ ප්‍රදේශවාසීන් එක්ව එම ගින්න නිවා දැමීමට පියවර ගෙන ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් කඹුරුපිටිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.