Saturday, April 27, 2024

General line - 0115112241

හානියේ වගකීම් භාර ගන්නැයි විපක්ෂ නායක ආණ්ඩුවට නැවත කියයි

ඩිල්ෂාන් මඩවල




රට පුරා ස්ථාන 08ක ඊයේ සිදුවූ පිපිරවීම් සම්බන්ධයෙන් කොළඹ අද පැවැත්වූ මාධ්‍ය හමුවකදී විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා අදහස් පළ කළා.

" මේ සිද්ධිය සම්බන්ධයෙන් රජය ගත් ක්‍රියා මාර්ග ගැන අපි සැහිමට පත්වෙන්නේ නැහැ. මේ සම්බන්ධයෙන් බුද්ධි අංශ විසින් සිදුකළ දැනුවත් කිරීමක් ගැන අපිව දැනුවත් කරලා තියෙනවා. මේ ගැන මහ ජනතාවට දැනුවත් කිරීමක් කළා නම් මේ තරම් විනාශයක් සිදු වන්නේ නැහැ. මේ ගැන ඔවුන් වගකීම භාර ගන්න ඕනේ. බුද්ධි අංශ වලට චෝදනා එල්ල කරලා තිබෙනවා.  ඔවුන් ගෙන් භාගයක් දැන් ඉන්නේ හිරේ. මම ඊයේ කිව්වා ඉතිරි වෙලා ඉන්න ටික දෙනවාත් හිරේට දාන්න කියලා. තමන්ගේ ආරක්ෂාව භාරව සිටි ප්‍රධානියාත් මේ පිලිබදව දැනුවත්ව සිටියත් තමන්ට ඒ ගැන දැනුවත් කිරීමක් සිදුනොකළ බව මෙහිදී විපක්ෂ නායකවරයා කියා සිටියා.  එසේ දැනුවත් වීමක් සිදුකර තිබුනා නම් පසුගිය සතියේ තමන් නුවරඑළියේ සංචාරය කරන්නේ නැති බවද කියා සිටියා."

මෙම මාධ්‍ය හමුව පැවැත්වුණේ විපක්ෂ නායක කාර්යාලයේදීයි. පිපිරවීම්වලින් මියගිය පිරිස් සිහිකරමින් සහ තුවාල ලැබූවන්ට ඉක්මන් සුව ප්‍රාර්ථනා කරමින් මෙහිදී සර්ව ආගමික වතාවත් ද සිදු කෙරුණා.