Friday, April 26, 2024

General line - 0115112241

"මාතෘ භූමියේ එක බිම් අඟලක් හෝ ත‍්‍රස්තවාදීන්ට අත්වීමට ඉඩ නොතැබිය යුතුයි" - උතුරෙන් කියයි

හේමන්ත කහවලගේ/ තරංග රුක්ෂාන්/රවින්ද්‍ර චන්ද්‍රලාල්/ලහිරු කපුගේ




පාස්කු ඉරිදා ත‍්‍රස්තවාදීන්ගේ අභියෝගයට විරුද්ධව රටේ සියළු ජනතාව පෙළ ගැසිය යුතු බව උතුරු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාඝවන් පවසනවා. ඔහු පෙන්වා දෙන්නේ මාතෘ භූමියේ එක බිම් අඟලක් හෝ ත‍්‍රස්තවාදීන්ට අත්වීමට ඉඩ නොතැබිය යුතු බවයි.

ඔහු මෙම අදහස් පළ කළේ උතුරු පළාතේ පැවති රණවිරු සැමරුම් උත්සවයකට එක්වෙමින්. "ත්‍රස්තවාදීන් අපෙන් යුද්ධයක් ඉල්ලූ නිසා මේ මව්බිම ආරක්ෂා කර ගැනීමට අපට අකමැත්තෙන් හරි ඔවුන් සමග සටන් කරන්නට සිදු වුණා" යනුවෙන් ද සඳහන් කළා.

මේ අතර බද්දේගම ප‍්‍රදේශයේ පැවති රණවිරු සැමරුම් උත්සවයකට එක්වෙමින් හිටපු යුද හමුදා මාණ්ඩලික ප‍්‍රධානී මේජර් ජෙනරාල් ජගත් ඩයස්ද රටේ ආරක්‍ෂක තත්ත්වය සම්බන්ධයෙන් අදහස් පළ කළා.

එහිදී ප්‍රකාශ කෙරුණේ "මේ රටට කොච්චර බලපෑම් ආවත් මේ රට බේර ගන්න ඉන්නේ අපියි. දැන් ඊයේ පෙරේදා අන්තවාදී වෙස් ගත්ත ත්‍රස්තවාදයක් ඔළුව උස්සන්න පටන් අරගත්තා. නැවතත් ඒ වෘත්තීමය සෙබලා අවශ්‍ය වෙලා තියෙනවා." යනුවෙනි.

මේ අතර ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් බි‍්‍රතාන්‍ය අග‍්‍රාමාත්‍ය තෙරේසා මේ, පවසන්නේ ශී‍්‍ර ලංකාවේ පැවති යුද ගැටුම් අවසන්වී වසර 10 ක් ගතවන අවස්ථාවේ එහිදී ජීවිත අහිමි වූ සියල්ලන් පිළිබද මේ මොහොතේ සිහිපත් කළ යුතු බවයි. එමෙන්ම පාස්කු ඉරිදා ත‍්‍රස්ත ප‍්‍රහාරයෙන් පසු ශී‍්‍ර ලංකාවේ සාමකාමී අනාගතයක් උදෙසා සියළු ජාතීන් එක්ව කටයුතු කිරීමද ඉතා වැදගත් බවයි බි‍්‍රතාන්‍ය අග‍්‍රාමාත්‍යවරිය පෙන්වා දෙන්නේ.