Saturday, April 27, 2024

General line - 0115112241

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ විදෙස්ගත සැකකරුවන් පිළිබඳ තොරතුරු හෙළිවේ

හේමන්ත කහවලගේ




පාස්කු ඉරිදා ප‍්‍රහාරය සම්බන්ධයෙන් සැකකෙරෙන, මේ වනවිට සෞදි අරාබියේ රැදී සිටින පුද්ගලයෙකු ශී‍්‍ර ලංකාවට ගෙන්වා ගැනීම සඳහා අන්තර්ජාතික පොලීසිය හරහා කටයුතු කෙරෙමින් තිබෙනවා. 

මෙම පුද්ගලයා මොහොමඞ් මිල්හාන් නැමැත්තෙක්. මක්කම වන්දනාව සඳහා ගිය පිරිසක් සමග ඔහු සෞදි අරාබියට ගොස් ඇති අතර සෙසු පිරිස ආපසු ශී‍්‍ර ලංකාවට පැමිණ ඇති නමුත් මොහොමඞ් මිල්හාන් නැමැත්තා ඔවුන් සමග පැමිණ නැහැ. පාස්කු ඉරිදා ප‍්‍රහාරය සම්බන්ධයෙන් අනතුරු අඟවමින් බුද්ධි අංශ විසින් සපයා තිබූ වාර්තාවේද මෙම පුද්ගලයාගේ නම සඳහන්ව තිබුණා.

මේ අතර කටාරයේ සිටින පුද්ගලයින් දෙදෙනෙකු සම්බන්ධයෙන්ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේනතුවේ අවධානය යොමුව ඇති බවයි වාර්තා වන්නේ. ඒ අනුව ඔවුන් දෙදෙනා සම්බන්ධයෙන්ද මේ වනවිට තොරතුරු රැස්කෙරෙමින් තිබෙනවා.