Friday, April 26, 2024

General line - 0115112241

මූල්‍ය අර්බුදයක් – සඳුදාට ඩො.බිලියන 5.2 ක් ගෙවන්න වෙයි




පසුගිය රජය රාජ්‍ය බැංකු හරහා හොර පාරෙන් ණය ගැනීම නිසා ශ‍්‍රී ලංකාව ට්‍රිලියන 3.5 ක් ණය වී තිබෙන බවත් ලබන සඳුදා වනවිට රජයට ඩොලර් බිලියන 5.2 ක ණය මුදලක් ගෙවීමට සිදුව ඇති බවත් සෞඛ්‍ය අමාත්‍යවරයා පැවසුවා.

සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මෙම අදහස් පළ කළේ කළුතර පැවැති උත්සවයකදීයි.

මෙහිදී වැඩි දුරටත් අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා,

” වැට් බදු වැඩි කිරීම පිළිබඳ රට තුළ ජනතාව කථා වෙනවා. අපි සියයට 12 ක්ව පැවැති වැට් බද්ද සියයට 11 දක්වා අඩු කළා. ඉන්පසු සියයට 15ක් දක්වා වැඩි කළා. නමුත් පසුගිය රජය සමයේ වැට් බදු සියයට 22 දක්වා වැඩි කළා. යහපාලන ආණ්ඩුව එය අඩු කර තිබෙනවා.” 

” පසුගිය රජය වැට් බදු වැඩි කරනකොට කවුරුත් ඒ ගැන කියලා කෑ ගැහුවෙ නැහැ. රජයක් ණය ගන්නේ මහා භාණ්ඩාගාරය මගින්. නමුත් පසුගිය රජය ණය ගත්තෙ අළුත් ක‍්‍රමයකට, ඒ රාජ්‍ය බැංකු හරහා. එසේ හොර පාරෙන් ණය ගැනීම නිසා ශ‍්‍රී ලංකාව අද ට්‍රිලියන 3.5 ක් ණය වෙලා තිබෙනවා. ලබන සඳුදා වනවිට රජය ඩොලර් බිලියන 5.2 ක ණය මුදලක් ගෙවීමට තිබෙනවා. ඒ සඳහා මුදල් සොයාගත යුතුයි. එම නිසා මූල්‍ය අර්බුදයක් තිබෙනවා.”