Saturday, April 27, 2024

General line - 0115112241

වොක්ස්වැගන් ගැන ප්‍රශ්නයට පාර්ලිමේන්තුවේදී ලැබුණු පිළිතුර

ලහිරු කපුගේ




වොක්ස්වැගන් කර්මාන්තශාලාව සම්බන්ධයෙන් අද (20) පාර්ලිමේන්තුවේදී සංවාද ඇති වුණා. ඒ, පාර්ලිමේන්තු මන්ත‍්‍රී දයාසිරි ජයසේකර එහි කටයුතු පිළිබඳ ප‍්‍රශ්න කිරීමත් සමගයි.

එහිදී දයාසිරි ජයසේකර මන්ත‍්‍රීවරයා සහ සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල අතර සංවාදයක් ඇති වුණා. 

සංවර්ධන උපාය මාර්ග, ජාත්‍යන්තර වෙළඳ කටයුතු අමාත්‍ය මලික් සමරවික‍්‍රම ද මෙහිදී අදහස් පළ කළා. 

මලික් සමරවික‍්‍රම අමාත්‍යවරයාගේ එම ප‍්‍රකාශයට දයාසිරි ජයස්කර මන්ත‍්‍රීවරයා යළි ප‍්‍රතිචාර දැක්වූවා. එහිදී ඔහු කියා සිටියේ ජනතාව සිතා සිටියේ වොක්ස්වැගන් රථයක් මෙම කර්මාන්තශාලාවේදී නිෂ්පාදනය වෙනු ඇති බවයි යන්නයි.