Saturday, April 27, 2024

General line - 0115112241

වරායේ වෘත්තීය සමිති නායකයින් තිදෙනෙකුට එරෙහි ගොනුකළ අපහාස නඩු 3ක් විභාගයට දින නියම වෙයි

අධිකරණ වාර්තාකරු




වරාය අධිකාරියේ වෘත්තීය සමිති නායකයින් තුන්දෙනෙකුට එරෙහිව ගොනුකළ අපහාස නඩු 3ක් ලබන ඔක්තෝබර් මස 9 වනදා විභාගයට ගැනීමට කොළඹ ප්‍රධාන දිසා විනිසුරුවරිය අද (24) නියෝග කළා. ඒ, අදාල නඩු 3 කොළඹ දිසා අධිකරණය හමුවේ අද කැඳවූ අවස්ථාවේදීයි.

වරාය ජාතික සේවක සංගමයේ සභාපති උදේනි කලුතන්ත්‍රි, ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ සභාපති ප්‍රසන්න කලුතරගේ සහ සුහද සේවක සංගමයේ සභාපති ලාල් බංගමුව යන වෘත්තීය සමිති නායකයින්ට එරෙහිව මෙම අපහාස නඩු ගොනුකර තිබුණා. ඒ, අමාත්‍ය අර්ජුන රණතුංග විසින්. විත්තිකරුවන් සිදුකර ඇති ප්‍රකාශයන්ගෙන් සිදුවූ හානියට වන්දි ලෙස එක් අයෙකුගෙන් රුපියල් මිලියන 500 බැගින් වූ වන්දි ඉල්ලා අමාත්‍යවරයා විසින් මෙම අපහාස නඩු ගොනුකර තිබුණා.