Saturday, April 27, 2024

General line - 0115112241

ශී‍්‍ර ලංකා වේග පන්දු යවන්නෙකුට හෙට තරගය අහිමි වන ලකුණු

කසුන් කැළුම්




දකුණු අපි‍්‍රකානු කණ්ඩායම සමග හෙට පැවැත්වෙන තීරණාත්මක තරගය සඳහා වේගපන්දු යවන කී‍්‍රඩක නුවන් ප‍්‍රදීප්ගේ සහභාගීත්වය අවිනිශ්චිත වී තිබෙනවා.

ඒ, ඔහු අසනීප තත්ත්වයකින් පසුවීම හේතුවෙන්. නුවන් ප‍්‍රදීප් හෙට තරගයට සහභාගී නොවන්නේ නම් ඔහුගේ ස්ථානය සුරංග ලක්මාල්ට හිමිවනු ඇති බවයි වාර්තා වන්නේ.

ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව වටය පිළිබඳ බලාපොරොත්තු රඳවා ගැනීමට නම් ශ‍්‍රි  ලංකා කණ්ඩායමට ඉදිරි තරග තුනේ ජය අනිවාර්යය වි තිබෙනවා. 

මේ අතර ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියේ ඉන්දියාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර තරගය මැන්චෙස්ටර්හිදී දැන් පැවැත්වෙනවා.

පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුළු 07ක් දැවී ලකුණු 268ක් ලබා ගැනීමට සමත්වුණා. නායක විරාත් කෝලි ලකුණු 72යි. ලෝකේෂ් රාහුල් ලකුණු 48ක් රැුස් කළා.