Saturday, April 27, 2024

General line - 0115112241

තබ්බෝව ජලාශයේ ජලය අතුරුදහන් (PHOTOS)

ප්‍රියංකර කළුපහන




පුත්තලම  ප්‍රදේශයේ පිහිටා ඇති වැව් අතරින් විශාලතම හා පැරණිතම වැව ලෙස සැලකෙන තබ්බෝව ජලාශයේ ජල මට්ටම පවතින අධික නියං තත්ත්වය හේතුවෙන් සීඝ්‍රයෙන් සීඳී ගොස් ඇති බව nethnews.lk වාර්තාකරු පෙන්වා දෙනවා.

මෙම ජලාශය යටතේ කුඹුරු අක්කර දහස් ගණනක් අස්වැද්දවීම සිදුවුවද මෙම නියං තත්ත්වය හේතුවෙන් අවට ප්‍රදේශ කිහිපයක මෙවර කුඹුරු අස්වැද්දවීම සම්පූර්ණයෙන් නැවතී තිබුණා. 

පසුගිය වර්ෂයේ පුත්තලමට ඇද හැළුණ ධාරාණිපාත වර්ෂාපතනය හේතුවෙන් ජලාශයේ ජල මට්ටම සති දෙකක් වැනි කාලයක් තුළ සීඝ්‍ර ලෙස ඉහළ ගොස් තිබුණද, පසුව මාසයක් ගතවීමටත් මත්තෙන්  පැවති අධික හිරු එළිය හේතුවෙන් ජලය අඩු වෙන්නට පටන් ගත් බවයි අප වාර්තාකරු සඳහන් කළේ.