Saturday, April 27, 2024

General line - 0115112241

නාවලපිටියේ අභිරහස් ඝාතනය සම්බන්ධයෙන් මියගිය පුද්ගලයාගේ මිත‍්‍රයෙකු අත්අඩංගුවට (UPDATE)

රංජිත් රාජපක්ෂ




නාවලපිටිය, රඹුක්පිටිය ප‍්‍රදේශයේ වෑන් රථයක් තුළ අභිරහස් ලෙස මිය ගිය පුද්ගලයාගේ ඝාතනය සම්බන්ධයෙන් සැක පිට පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලස අත්අඩංගුවට ගෙන ඇත්තේ මියගිය පුද්ගලයාගේ මිත‍්‍රයෙකු බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

මෘත දේහය පිළිබඳ මහේස්ත‍්‍රාත් පර්ක්ෂණය නාවලපිටිය මහේස්ත‍්‍රාත් චාන්දනී මීගොඩ විසින් අද සිදු කරනු ලැබුවා. මෙලෙස අභිරහස් ලෙස මිය ගොස් තිබුණේ නාවලපිටිය රඹුක්පිටිය ප‍්‍රදේශයේ පදිංචිව සිටි 36 හැවිරිදි අවිවාහක පුද්ගලයෙක්.

------------------------------------------------------------------------------------------------------------------------------------------------------

වෑන් රථයක් තුළ පුද්ගල මළ සිරුරක් (PHOTOS)

11-07-2019 10:27

වැන් රථයක් තුළ අභිරහස් ලෙස  මිය ගිය පුද්ගලයෙකුගේ සිරුරක් හමුවී තිබෙනවා. 

මෙසේ අභිරහස් ලෙස මිය ගොස් ඇත්තේ නාවලපිටිය රඹුක්පිටිය ප්‍රදේශයේ පදිංචි එස්.එම්.ආර් අසංක බණ්ඩාර සමරතුංග නැමති 36 හැවිරිදි අවිවාහක අයෙක්.

ඔහු රියදුරෙකු වශයෙන් කටයුතු කර ඇති අතර ඔහුගේ මිත්‍රයෙකු ඊයේ (10)  පස්වරු 6.00 ට පමණ මරණකරුගේ  නිවස වෙත වැන් රථය පැදවාගෙන විත් තම මිත්‍රයා මත්පැන් පානය කිරීමෙන් පසු  මත් වී රථයේ පිටුපස අසුනේ නිදා සිටින බවත්, ටික වේලාවකින් ඔහු අවදි වී නිවසට පැමිණෙයි යනුවෙන් මරණයට පත් පුද්ගලයාගේ පියා වෙත පවසා රථයේ යතුරද පියා වෙත භාර දී ගොස් තිබෙනවා.

වැන් රථයේ නිදා සිටි තම පුතා පැය කිහිපයක් ගතවුවත් නිවසට නොපැමිණි නිසා ඒ පිළිබඳව සැක සිතු මරණකරුගේ පියා ඒ පිළිබඳව 1990 ගිලන් රථයට දැනුම් දිමෙන් පසු ගිලන් රථයේ කාර්යය මණ්ඩලය එම ස්ථානයට පැමිණ පරික්ෂා කිරීමෙන් අනතුරව අසංක බණ්ඩාර නැමති අය මිය ගොස් ඇති බව පියාට දැනුම් දී තිබෙනවා.

මරණකරු මත්ද්‍රව්‍යවලට දැඩි ලෙස අබ්බැහි වුවෙකු බවයි නාවලපිටිය පොලිසිය පවසන්නේ. සිද්ධිය සම්බන්ධයෙන් නාවලපිටිය පොලිසිය පරික්ෂණ ආරම්භ කර තිබෙනවා.