Friday, April 26, 2024

General line - 0115112241

ලෝක කුසලාන දැල් පන්දු තරගාවලියේදී ශ්‍රී ලංකාව පළමු ජය වාර්තා කරයි

කසුන් කැළුම් - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




එංගලන්තයේ ලිවර්පූල්හි දී පැවැත්වෙන ලෝක කුසලාන දැල් පන්දු තරගාවලියේ පළමු ජය වාර්තා කිරීමට ශ‍්‍රී ලංකා කණ්ඩායම ඊයේ (15) සමත් වුණා. ඒ, සිංගප්පූරු කණ්ඩායම ගෝල 88ට - 50ක් ලෙස පරාජයට පත් කරමින්.

මෙම තරගයේදී ශ‍්‍රී ලංකා කණ්ඩායමේ පන්දු විදින්නිය වන තර්ජනී ශිවලිංගම් වාර්තාවක් පිහිටුවීමට ද සමත් වුණා. ඒ, ගෝල 76ක් වාර්තා කරමින්. එය මෙවර දැල් පන්දු ලෝක කුසලාන තරගාවලියේ එක් තරගයක් තුළ ක‍්‍රීඩිකාවක් වාර්තා කළ වැඩිම ගෝල සංඛ්‍යාව ද වනවා.

ඇය එම ගෝල 76 වාර්තා කිරීම සඳහා අවස්ථා 78කදී පමණක් උත්සහ දරා තිබීම ද විශේෂත්වයක්. ඒ අනුව තර්ජනීගේ ගෝල සාර්ථක කර ගැනීමේ ප‍්‍රතිශතය සියයට 97ක්. 

මෙවර තරගාවලියේ වැඩිම ගෝල රැස් කළ ක‍්‍රීඩිකාව ලෙසද තර්ජනී ශිවලිංගම් පෙරමුණේ පසුවනවා. ඒ, තරග 03ක දී ගෝල 183ක් වාර්තා කරමින්. එම ලේඛනයේ දෙවන ස්ථානයේ රැඳි සිටින ක‍්‍රීඩිකාව මෙතෙක් රැස්කර ඇත්තේ ගෝල 125ක් පමණයි.