Saturday, April 27, 2024

General line - 0115112241

රිෂාඞ් ඇතුළු මුස්ලිම් ඇමතිවරු යළි දිවුරුම්දීම ලබන සතියේ

ලහිරු කපුගේ / හේරත් ඒකනායක




අමාත්‍ය එම් එච් ඒ හලීම් මහනුවර අද (21) පැවැත්වූ මාධ්‍ය හමුවේදී තනතුරු මුස්ලිම් අමාත්‍යවරුන් නැවත එම තනතුරු භාරගැනීම පිළිබඳව ද මාධ්‍යවේදීන් ප්‍රශ්න කළා. මෙලෙස තනතුරු අත්හල මුස්ලිම් අමාත්‍යවරුන් බොහෝ විට ලබන සතියේදී නැවත ඔවුන්ගේ තනතුරු භාරගනු ඇති බවයි අමාත්‍යවරයා එහිදී කියා සිටියේ. මුස්ලිම් අන්තවාදය සම්බන්ධයෙන් චෝදනාවන්ට ලක්වූ රිෂාඞ් බදියුදීන් ද සිය තනතුර යළි භාරගනු ඇතැයි එහිදී වැඩිදුරටත් ප්‍රකාශ කෙරුණා. 

මේ අතර අත්හල අමාත්‍ය ධුර නැවත භාර නොගැනීමට ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය මීට නොබෝ වේලාවකට පෙර තීරණයක් ගෙන තිබෙනවා. අද රැස්වූ උත්තරීතර මණ්ඩලය මෙම තීරණය ගත් බවයි එහි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන එච් එම් එම් හාරිස් පැවසුවේ.

එම් එච් ඒ හලීම් සහ කබීර් හෂීම් යන අමාත්‍යවරුන් ද සෙසු මුස්ලිම් අමාත්‍යවරුන් සමඟ තනතුරු අත්හැරියා. එහෙත් දින කිහිපයකට පසු ඔවුන් දෙදෙනා පමණක් නැවත සිය තනතුරු භාර ගත්තා. 

එම් එච් ඒ හලීම් සහ කබීර් හෂීම් යන අමාත්‍යවරුන් ද සෙසු මුස්ලිම් අමාත්‍යවරුන් සමඟ තනතුරු අත්හැරියා. එහෙත් දින කිහිපයකට පසු ඔවුන් දෙදෙනා පමණක් නැවත සිය තනතුරු භාර ගත්තා.