Friday, April 26, 2024

General line - 0115112241

ශ‍්‍රී ලංකා කි‍්‍රකට් හා චන්දික හතුරුසිංහ අතර ඇති ගිවිසුම සැක සහිතයි - හරීන්

මහේෂ් චතුරංග/ඩිල්ෂාන් මඩවල




ශ‍්‍රී ලංකා කි‍්‍රකට් ආයතනය චන්දික හතුරුසිංහ සමග එළඹ ඇති ගිවිසුම සැක සහිත බව කී‍්‍රඩා අමාත්‍ය හරීන් ප‍්‍රනාන්දු පවසනවා. අමාත්‍යවරයා මේ බව පැවසුවේ කොළඹ අද පැවැත්වූ මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදීන් කළ ප‍්‍රශ්න කිරීමකට පිළිතුරු ලබා දෙමින්. 
 

චන්දික හතුරුසිංහ ශ‍්‍රී  ලංකා ජාතික කි‍්‍රකට් කණ්ඩායමේ ප‍්‍රධාන පුහුණුකරු ධූරයෙන් ඉවත් කිරීම තමන් ගත් තීරණයක් නොවන බව ද අමාත්‍ය 
හරීන් ප‍්‍රනාන්දු මෙහිදී කියා සිටියා. 
 

මේ අතර එළඹෙන නවසීලන්ත සංචාරය සඳහා ශ‍්‍රී ලංකා ජාතික කි‍්‍රකට් කණ්ඩායමේ තාවකාලික පුහුණුකරු වශයෙන් රුමේෂ් රත්නායක මීට පෙර පත් කෙරුණා.