Friday, April 26, 2024

General line - 0115112241

යුධ හමුදා මූලස්ථානයේ ආරක්ෂාවට සිටි සෙබලෙක් වෙඩි තබාගනී (UPDATE)




අද (14) අලුයම සිය රාජකාරී ගිනිඅවියෙන් වෙඩි තබාගෙන හමුදා සෙබලා සියදිවි හානි කරගෙන ඇත්තේ යුධ හමුදා මූලස්ථානයේ ආරක්ෂක රාජකාරී යෙදීසිටියදී බව පොලිසිය සඳහන් කළා.


එම නිවේදනය පහතින් දැක්වෙයි.

 

---------------------

14-08-2019 09:05

 

අද (14) අලුයම ආරක්ෂක අමාත්‍යාංශයේ රාජකාරී යෙදී සිටි යුධ හමුදා සෙබලෙකු වෙඩි තබාගෙන සියදිවි හානි කරගෙන තිබෙනවා.

සිය රාජකාරී ගිනිඅවියෙන් මෙලෙස එම සෙබලා වෙඩි තබාගෙන ඇති අතර ඔහු කොටුව පොලිස් වසමේ පිහිටි ආරක්ෂක අමාත්‍යාංශයේ ආරක්ෂක රාජකාරීයේ යෙදී සිටි අතරතුරදී මෙම වෙඩි තබා ගැනීම සිදු කර තිබුණා.

ඒ අද අලුයම 4.10ට පමණයි.

සියදිවි හානි කරගෙන ඇති සෙබලා අත්තනකඩවල පොළොන්නරුව ප්‍රදේශයේ පදිංචි අවුරුදු 27ක් වූ යුධ හමුදා මූලස්ථානයට අනියුක්ත යුද හමුදා ඉංජිනේරු සෙබල ප්‍රසන්න මනෝජ් මධුසංක නැමැත්තෙක්.