Saturday, April 27, 2024

General line - 0115112241

පළමු ටෙස්ට් තරගයේ තීරණාත්මක දෙවන දිනය අද

තරංග රුක්ෂාන්




සංචාරක නවසීලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ අද (15) තීරණාත්මක දෙවන දිනයයි. 

වර්ෂාවෙන් බාධා එල්ලවීම හේතුවෙන් ඊයේ (14) තරගය නියමිත වේලාවට පෙර අවසන් කිරීමටයි සිදුවුණේ. 

ඒ වනවිට ප‍්‍රථමයෙන් පන්දුවට පහර දෙමින් සිටි නවසීලන්තය කඩුළු 5 කට ලකුණු 203 ක් රැස්කර ගෙන සිටියා. 

රොස් ටේලර් නොදැවී ලකුණු 86 ක් රැස් කර ගනිමින් කඩුල්ලේ රැදී සිටීම ශ්‍රී ලංකා පිලට අද දිනයේ තර්ජනයක් වනු ඇති. 

යම් හෙයකින් නවසීලන්තය ලකුණු 300 සීමාවට ළංවුවහොත් තරගයේ සිව්වන ඉනිමේදී ශ්‍රී ලංකාවට වැඩි ලකුණු සංඛ්‍යාවක් හඹා යාමේ අවස්ථාවක් මතුවිය හැකි බවටයි ක්‍රීඩා විචාරකයින් පෙන්වා දෙන්නේ. 

එසේ වුවහොත් එය ශ්‍රී ලංකාවට අවාසිදායක තත්ත්වයක් විය හැකි බවටද ඔවුන් මත පළ කරනවා.

ඊයේ තරගය අවසානයේ මාධ්‍ය වෙත අදහස් දැක්වූ නවසීලන්ත පිතිකරු හෙන්රි නිකලස් පැවසුවේ ගාල්ල තණ තීරුවේදී පන්දුව අපේක්‍ෂා කළ කාලයට වඩා වේලාසනින් දඟ කැවුණු බවයි. ඊයේ දිනයේ බිඳ වැටුණු කඩුළු 5 ම තමන් සතු කර ගැනීමට දඟ පන්දු යවන ක්‍රීඩක අකිල ධනංජය සමත් වුණා.