Saturday, April 27, 2024

General line - 0115112241

මාර්ග නීති කඩකිරීම සම්බන්ධයෙන් රුසියානු ජනාධිපතිට චෝදනා

පවිත්‍රා මදුහර්ෂනි - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්ට චෝදනා ගොනු කර තිබෙනවා. ඒ, එරට නීතීඥවරයෙකු විසින්. ඉකුත් දා රුසියාවේ පැවැති යතුරු පැදි ධාවන තරගයකට ජනාධිපති පුටින් සහභාගී වුණු අතර ඒ සඳහා ජාත්‍යන්තර මාධ්‍ය හරහා ද දැඩි ප්‍රසිද්ධියක් හිමිවුණා.

කෙසේවෙතත් මෙම තරගය සඳහා ජනාධිපති පුටින් සහභාගී වි සිටියේ ආරක්ෂිත හිස්වැසුමක් රහිතවයි. මෙමගින් ජනාධිපති පුටින් මාර්ග නීති උල්ලංඝණය කර ඇත්දැයි විමර්ශනය කර සුදුසු පියවර ගන්නා ලෙස චෝදනා ගොනු කළ නීතීඥවරයා රුසියානු නීතිපතිවරයාගෙන් ඉල්ලා තිබෙනවා.