Friday, April 26, 2024

General line - 0115112241

පළමු ටෙස්ට් තරගයේ සිවුවන දිනය අදයි




සංචාරක නවසීලන්ත කණ්ඩායම සහ ශී‍්‍ර ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් කි‍්‍රකට් තරගයේ  සිවුවන දිනය අදයි. 

ඊයේ තරගය නතර කරන විට සිය දෙවන ඉනිම කී‍්‍රඩා කළ නවසීලන්ත කණ්ඩායම කඩුළු 7 ක් දැවී ලකුණු 195ක් රැස්කර ගෙන සිටියා. පළමු ඉනිමේදී නවසීලන්ත කණ්ඩායම රැස් කළේ ලකුණු 249 ක් පමණයි. 

ශී‍්‍ර ලංකා පිල පළමු ඉනිමේදී ලකුණු 267 ක් රැස් කළා. ඒ අනුව කඩුළු 3 ක් අතැතිව සිටින නවසීලන්ත කණ්ඩායම ශී‍්‍ර ලංකා පළමු ඉනිමට වඩා ලකුණු 177 ක් ඉදිරියෙන් සිටිනවා. තරගය පැවැත්වෙන්නේ ගාල්ල ජාත්‍යන්තර කි‍්‍රකට් කී‍්‍රඩාංගණයේදීයි.