Saturday, April 27, 2024

General line - 0115112241

කලක් දකුණු ආසියාවේ වේගවත්ම ධාවකයාව සිටි ෂෙහාන් ක්‍රීඩා දිවියෙන් සමුගනී

කසුන් කැලුම්




කාන්තා තුන්පිම්ම ඉසව්වේ නව ශී‍්‍ර ලංකා වාර්තාවක් පිහිටුවීමට විදූෂා ලක්ෂාණි අද (18) සමත්වුණා. ඒ, කොළඹ සුගතදාස කී‍්‍රඩාංගනයේ පැවැත්වෙන 97 වන ජාතික මළල කී‍්‍රඩා ශුරතා තරගාවලියේදීයි.

විදූෂා ලක්ෂාණි මීටර් 13.66 ක දක්ෂතාවක් දක්වමින් මෙම වාර්තාව පිහිටුවනු ලැබුවා. මීට පෙරද කාන්තා තුන් පිම්ම ඉසව්වේ ශ‍්‍රී ලංකා වාර්තාවට හිමිකම් කීවේ විදූෂා ලක්ෂාණියි. 

මේ අතර කලක් දකුණු ආසියාවේ වේගවත්ම ධාවකයාව සිටි ෂෙහාන් අඹේපිටිය, සිය මළල කී‍්‍රඩා දිවියට ඊයේ සමුදුන්නා. ඒ, කොළඹ සුගතදාස කී‍්‍රඩාංගනයේ පැවැත්වෙන 97 වන ජාතික මළල කී‍්‍රඩා ශුරතා තරගාවලියේ මීටර් 200 පිරිමි ධාවන ඉසව්වේ මූලික වටයේ තරගයේදී ප‍්‍රථම ස්ථානය දිනා ගනිමින්.

තමන් සිය කී‍්‍රඩා දිවියේ ලද ජයග‍්‍රහණ පිළිබඳ ෂෙහාන් අඹේපිටිය නෙත් ස්පෝට්ස්මන් වෙත අදහස් දක්වමින් සඳහන් කළේ සිය කාලසීමාවේදී රටට ජයග්‍රහණ ගෙන දීමට හැකියාව ලැබීම ගැන සතුටක් දැනෙන බවයි.