Saturday, April 27, 2024

General line - 0115112241

තිරසර සංවර්ධනය හා බැඳුණු ඉදිකිරීම් කේෂත්‍රයක වැදගත්කම ජනපති පහදයි




තිරසර සංවර්ධනය හා බැදුණු ඉදිකිරීම් ක්‍ෂේත්‍රයක අවශ්‍යතාව වර්තමානයේ ප්‍රමුඛ අවශ්‍යතාවක් වී ඇති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. කොළඹ බණ්ඩාරණායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ අද (23) ආරම්භ වූ ‘කන්ස්ට්‍රක්ට් 2019’ ජාත්‍යන්තර ඉදිකිරීම් ප්‍රදර්ශනයේ සමාරම්භක අවස්ථාවට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව කියාසිටියා. 

නව සංවර්ධන ක්‍රමඋපායන් සම්බන්ධයෙන් කතා කරන විට තිරසර සංවර්ධනය හා බැදුණු ඉදිකිරීම් ක්‍ෂේත්‍රයක වැදගත්කමක් ඇතිවී තිබෙනවා. පරිසර සංරක්ෂණය සම්බන්ධයෙන් ඉදිකීරිම් කේෂ්ත්‍රය කොතරම් දුරට සැලකිලිමත් විය යුතුද යන්න සම්බන්ධයෙන් ඇති වැදගත්කම ලෝක නායකයින්ගේ අවධානයට යොමුවීමට පටන් ගත්තේ පසුගිය වසර 30-40ක කාලය සිට බවයි මෙහිදී ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා.