Friday, April 26, 2024

General line - 0115112241

රාජ්‍ය සේවා කොමිසම සතු බලයක් අධ්‍යාපන අමාත්‍යාංශයට පැවරේ




ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවය, ශ්‍රී ලංකා ගුරු අධ්‍යාපනඥ සේවය හා ශ්‍රී ලංකා විදුහල්පති සේවය යන සේවා තුනෙහි නිලධාරීන්ට විශ්‍රාම ලබා ගැනීම සදහා අවසරදීමට රාජ්‍ය සේවා කොමිසම සතුව පැවති බලය, අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත පවරා දී තිබෙනවා. ඒ, අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්ගේ උපදෙස් පරිදි එම අමාත්‍යාංශය රාජ්‍ය සේවා කොමිසමෙන් කළ ඉල්ලීමකට අනුවයි. 

ඒ අනුව විනය කරුණු හා වෙනත් ගැටළු සහිත නිලධාරීන් හැර සාමාන්‍ය ක්‍රමය යටතේ නියමිත දිනයේදී විශ්‍රාම ලබාගැනීමට ඉල්ලා ඇති නිලධාරීන්ට එම අවසරය ලබාදීමට සිය අමාත්‍යාංශයට බලය ලැබී ඇති බවයි අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.