Friday, April 26, 2024

General line - 0115112241

කරූ කතානායක ධුරයෙන් ඉල්ලා අස්වෙයි දැයි පොහොට්ටුව සැකයෙන්

සමන්ත කුමාර




කතානායක කරූ ජයසූරිය මහතා එම ධුරයෙන් ඉල්ලා අස්වීමේ සූදානමක් ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසනවා. එළඹෙන ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමේ අරමුණින් එලෙස ඉල්ලා අස්වීමේ සූදානමක් ඇති බවයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අද (23) පැවැත්වූ මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී කනක හේරත් කියාසිටියේ.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී කනක හේරත් කියාසිටියේ එක්සත් ජාතික පක්‍ෂය කුමන අපේක්‍ෂකයෙකු ඉදිරිපත් කළ ද එම පක්‍ෂයේ කොටසක් පොදුජන පෙරමුණ හා එක්වීමේ සූදානමක් පවතින බවයි.