Friday, April 26, 2024

General line - 0115112241

සාමණේර හිමියන්ට පහරදුන් "උටියා" අත්අඩංගුවට (UPDATE / VIDEO)

දිනුක් හේවාවිතාරණ




කුඩා සාමණේර හිමියන් දෙනමකට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් අවශ්‍යව සිටි සැකකරු හොරොව්පතාන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිවේදනය කර සිටිනවා.

මෙලෙස සාමණේර හිමියන් දෙනමට පහර දී ඇත්තේ ගම්මැද්දේ චමින්ද ගලබොඩ නොහොත් උටියා නම් අයෙක් බවයි පොලිසිය සඳහන් කර සිටින්නේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් මාධ්‍ය මගින් හා සමාජ මාධ්‍ය මගින් ප්‍රචාරය වීමත් සමග හොරොව්පතාන පොලිසිය විසින් සැකකරුව හඳුනා ගෙන ඔහුව අත්අඩංගුවට ගැනීමට කටයුතු කර තිබෙනවා.

...................................................................

සාමණේර හිමියන් දෙනමකට පහර දෙන මේ පුද්ගලයා කව්ද ? (VIDEO)

(10-09-2019 18:24)

කුඩා සාමණේර හිමියන් දෙනමකට එක්තරා පුද්ගලයෙක් විසින් සිදුකරනු ලබන අමානුෂීය පහර දීමක් සම්බන්ධයෙන් වන වීඩියෝවක් මේ වන විට සමාජ මාධ්‍ය ජාල ඔස්සේ හුවමාරු වෙමින් පවතිනවා. 

මෙම පුද්ගලයා විසින් අදාළ සාමණේර හිමියන් විසියන් යම් කිසි දෙයක් සොරකම් කළ බව පවසමින් මෙම පහරදීම සිදුකරනු ලබන අතර එහිදී ඒ අසල සිටි පුද්ගලයෙකු මෙම පහරදීම වීඩියෝ කර සමාජ මාධ්‍ය ජාල වෙත යොමුකර ඇත.

මෙම පහරදීම සිදුකළ පුද්ගලයා සම්බන්ධයෙන් හෝ එය කුමන ප්‍රදේශයක සිදුවූවක් ද යන්න මේ දක්වා හෙළිවී නොමැත. 

කෙසේ වුවත් මේ ආකාරයෙන් සාමණේර හිමියන් දෙනමකට පහර දීමට ගිහි පුද්ගලයෙකුට ඇති අයිතිය කුමක්ද යන්න ගැන සමාජයේ දැඩි විරෝධයක් මතුවී තිබෙනවා.