Friday, April 26, 2024

General line - 0115112241

ඉල්ලීම් දිනා ගන්නා තෙක් මහපාරේ සටන් කරන බවට "මව්බිම වෙනුවෙන් රණවිරුවෝ" සංවිධානයෙන් ප්‍රකාශයක්

දිල්ශාන් තුෂාර




සිය ඉල්ලීම් දිනා ගැනීමට තවදුරටත් මහපාරේ සිට සටන් කරන බව මව්බිම වෙනුවෙන් රණවිරුවෝ සංවිධානය පවසනවා.

එහි ප‍්‍රධාන කැදවුම්කරු යූ. ඩී. වසන්ත කියා සිටියේ "ජනාධිපතිවරයා 2019 නිදහස් සැමරුම් වේදිකාවෙදි කිව්වා තිස් අවුරුදු යුද්ධයේදී තුවාල වී ආබාධ වී සිටින පොලිසියේ සහ ත්‍රිවිධ හමුදාවේ රණවිරුවන්ට සහ මිය ගිය රණවිරුවන්ගේ යැපෙන්නන්ට දිවි ඇති තෙක් වැටුප් ලබා දෙනවා.. එහි කටයුතු මාස දෙකක් ඇතුළත අනිවාර්යයෙන් අවසන් කරනවා කියලා. ඉතින් අපේ පළවෙනි අරමුණ ඒ ඉල්ලීම ලබා ගන්න එක. " යනුවෙනි.

මව්බිම වෙනුවෙන් රණවිරුවෝ ඇතුළු රණවිරු සංවිධාන කිහිපයක්  ඊයේ (11) මෙම අරගලය ආරම්භ කළා. සිය ඉල්ලීම් ඇතුළත් සංදේශ ජනාධිපති කාර්යාලය සහ අග‍්‍රාමාත්‍ය කාර්යාලය වෙත එහිදී භාර දුන් බවයි ඔවුන් පවසන්නේ. අද මුදල් අමාත්‍යංශය වෙතද සංදේශයක් භාර දෙන බව මව්බිම වෙනුවෙන් රණවිරුවෝ සංවිධානය පැවසුවා.