Friday, April 26, 2024

General line - 0115112241

සෞදියේ සිටි ඉන්දියානුවන් දස දහසකට රැකියා අහිමි වෙයි




ඛනිජ තෙල් කර්මාන්තය ආශ‍්‍රිතව මතු වී තිබෙන අර්බුදය හේතුවෙන් සෞදියේ ජීවත් වන ඉන්දියානුවන් දස දහසකට පමණ රැකියා අහිමි වී තිබෙනවා.

විදෙස් පුවත් වාර්තා අනාවරණ කළේ මේ නිසා ඔවුන්ට සිය ආහාර සහ නවාතැන් පහසුකම් සපයා ගැනීමට නොහැකි තත්ත්වයක් මතු වී ඇති බවයි.

එලෙස රැකියා අහිමි වූ ඉන්දියානුවන් සම්බන්ධයෙන් කඩිනමින් සොයා බැලීමට ඉන්දීය විදේශ අමාත්‍යංශය මේ වන විටත් වැඩපිළිවෙළක් ආරම්භ කර තිබෙනවා.