Saturday, April 27, 2024

General line - 0115112241

කසල කන්ටේනර් සඳහා වන තහනම දීර්ඝ කෙරේ

අධිකරණ වාර්තාකරු




එංගලන්තයෙන් මෙරටට ආනයනය කරන ලද අපද්‍රව්‍ය සහ කැළිකසල අඩංගු කන්ටේනර් දිවයිනේ වෙනත් ප්‍රදේශවලට ප්‍රවාහනය කිරීම තහනම් කරමින් නිකුත් කළ අතුරු තහනම් නියෝගය ඔක්තෝම්බර් මස 21 වනදා දක්වා දීර්ඝ කිරීමට අභියාචනාධිකරණය අද (20) නියෝග කළා.

කොළඹ වරායේ සහ කටුනායක නිදහස් වෙළද කලාපයේ රදවා ඇති එම කසළ කන්ටේනර්වල නියැදි සාම්පල ලබාගෙන රස පරීක්‍ෂක වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසයි අභියාචනාධිකරණය රජයේ රස පරීක්‍ෂකවරයාට නියෝග කළේ. පරිසර යුක්ති කේන්‍ද්‍රය විසින් ගොණුකළ මීට අදාළ පෙත්සම අද කැදවූ අවස්ථාවේදී අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු යසන්ත කෝදාගොඩ සහ අර්ජුන ඔබේසේකර යන ද්විපුද්ගල විනිසුරු මඩුල්ල එම නියෝගය නිකුත් කළා.