Friday, April 26, 2024

General line - 0115112241

තුර්කියේ ප්‍රහාරවලට මුහුණ දීමට සිරියානු රජයේ හමුදා දේශ සීමා ප්‍රදේශයට පැමිණේ




සිරියානු රජයේ හමුදා භට පිරිස් එරට උතුරු දිග කලාපයට ළගා වෙමින් සිටිනවා. ඒ, තුර්කිය එල්ල කරන ප‍්‍රහාරවලට මුහුණ දීම සඳහා සිරියානු කුර්දි කැරලිකරුවන්ට සහය ලබාදීමට සිරියානු රජය එකඟවීමත් සමගයි.

ඒ අනුව තුර්කි දේශ සිමාවේ දකුණු දිග ප‍්‍රදේශයට සිරියානු හමුදාව ළඟාවී ඇති බවයි විදෙස් වාර්තා පැවසුවේ. සිරියානු රජයේ හමුදාවන්ට රුසියාව සහය දෙන අතර එරට කුර්දි කැරලිකරුවන් සඳහා අමෙරිකාව සහය දෙනවා. 

එහෙත් සිරියාවේ කුර්දි කැරලිකරුවන්ට ප‍්‍රහාර එල්ල කිරිමට තුර්කිය තීරණය කිරිම හමුවේ උතුරු දිග සිරියාවේ සිටින හමුදා භට පිරිස් ඉන් ඉවත් කර ගැනිමට අමෙරිකාව ඉකුත්දා තීරණය කලා. තුර්කියට එරෙහිව කුර්දි කැරලිකරුවන් සහය ලබාදීමට සිරියාව තීරණය කළේ ඊට ප‍්‍රතිචාර දැක්වීමක් ලෙසයි. කෙසේවෙතත් තුර්කිය පවසන්නේ සිය රටට තර්ජනයක් එල්ල  කරමින් දේශසිමාවේ රැඳී සිටින කුර්දි සටන්කාමින් පලවා හැරිමට ප‍්‍රහාර එල්ල කරන බවයි. ඉකුත් දින කිහිපයේ එල්ල කෙරුනු එවැනි ප‍්‍රහාර හේතුවෙන් දෙපාර්ශවයේම සාමාජිකයින් මෙන්ම සිවිල් වැසියන්ද ජිවිතක්ෂයට පත්වුණා.