Friday, April 26, 2024

General line - 0115112241

සිරියාවේ සහ තුර්තියේ ගැටලුවට රුසියාව සහ අමෙරිකාව මැදිහත් වෙයි




උතුරු දිග සිරියාවේ දේශසීමා ආශි‍්‍රතව තුර්කිය ආරම්භ කර ඇති මෙහෙයුම් සඳහා මේ වනවිට පාර්ශ්ව කිහිපයක් මැදිහත්ව තිබෙනවා. තුර්කිය මෙම මෙහෙයුම් ආරම්භ කළේ සිරියාවේ කි‍්‍රයාත්මක කුර්දි කැරලිකරුවන්ට එරෙහිවයි.

ඒ අනුව සිරියාවේ නිදහස් හමුදාව තුර්කියට සහය ලබා දෙනවා. තුර්කියේ හමුදාමය මැදිහත්වීම් සඳහා විරෝධය පළ කරන සිරියානු රජයට සහය දක්වන්නේ රුසියාවයි. 

එසේවුවත්, සිරියාව සහ තුර්කිය අතර ගැටුම් ඇතිවීම වළක්වා ගැනීම සඳහා සෑම පියවරක්ම ගන්නා බව රුසියාව පවසනවා. එසේම සිරියාව සහ තුර්කිය තුළ සිදුකරන මෙම මෙහෙයුම් කිසිසේත් පිළිගත නොහැකි බවයි රුසියාව පෙන්වා දෙන්නේ. 

තුර්කියේ මෙම කි‍්‍රයාකලාපය සම්බන්ධයෙන් අමෙරිකාව ද දැඩි විරෝධය පළ කරනවා. ඒ අනුව තුර්කියට එරෙහිව සම්බාධක පැනවීමටයි අමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් තීරණය කළේ. එසේම තුර්කියේ හමුදා කි‍්‍රයාකාරකම් සිදුකෙරෙන උතුරු දිග සිරියාවෙන් සිය හමුදා කණ්ඩායම් ඉවත් කර ගැනීමට ද අමෙරිකාව පසුගියදා පියවර ගත්තා.