Friday, April 26, 2024

General line - 0115112241

රටේ ආරක්ෂාව ගැන දැනීමක් හා තැකීමක් මේ රජයට නැහැ - ගෝඨාභය




වත්මන් රජය ජාතික ආරක්ෂාව වෙනුවෙන් ප්‍රමුඛත්වය නොදුන් බව  ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා.

ඔහු මේ බව පැවසුවේ හොරණදී පැවති ජන රැලියක් අමතමින්.

රටේ ආරක්ෂාව පිළිබඳ කිසිම දැනුමක් හා තැකීමක් නොමැති මෙවැනි රජයකින් පොදු ජනතාවට ඉදිරියේදී ද ආරක්ෂාව ලැබේවි යැයි විශ්වාස කිරීමට නොහැකි බවද ඔහු සඳහන් කළා

එමෙන්ම පසුගිය රජය සමයේ රටේ විශාල ආර්ථික සංවර්ධනයක් මෙන්ම කොළඹ නගරය ආසියාවේ වේගයෙන්ම දියුණවන නගරය බවට පත්කිරිමට හැකිවූ බවත් ඔහු පවසා සිටියා.

කෙසේ වෙතත් වත්මන් රජය විසින් එම සංවර්ධන වැඩ කටයුතු නවතා දාමා ඇති නිසා ආර්ථිකය කඩා වැටීමට ලක්වූ බවද ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කළා.

-----------------------------------------------------------------------------------------------------------------------------------------------------------------

රැළියට පෙර ගෝඨාභයට සෙත් පතා ජය පිරිතක්

16-10-2019 12:44

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ තවත් ජනරැළියක් හොරණදී අද (16) පස්වරුවේ පැවැත්වෙනවා.

හොරණ නගර සභා පිටියේදී මෙම මහ රැළිය ආරම්භ වෙනවා.

රැළියට පෙර හොරණ රජමහා විහාරස්ථානයේදී ජනාධිපති ධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂට සෙත් පැතීම සඳහා ජය පිරිත් සජ්ජායනාවක් ද පැවැත්වීමට නියමිතයි. 

මේ අතර ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනරැළිවලට සහභාගී වන ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ දේශපාලනඥයින්ට විරෝධය පළ කිරීම සිදු නොකළ යුත්තක් බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර විදුර වික‍්‍රමනායක ද පවසනවා. ඉකුත් දින කිහිපයේ ඇතිවූ සිද්ධීන් පිළිබඳ අදහස් දක්වමින් ඔහු මේ බව ප‍්‍රකාශ කළා.