Saturday, April 27, 2024

General line - 0115112241

අවම පහසුකම් මැද පාපන්දු ජයක් ලැබූ සිසුවියන් වෙනුවෙන් නෙත් වෙතින් සවිය




අවම සම්පත් මතින් ලැබූ පාපන්දු ජයග‍්‍රහණයක් සමග රටේම අවධානය දිනාගත් රුවන්වැල්ල, පල්ලෙකණුගල කණිෂ්ඨ විද්‍යාලයේ සිසුවියන් වෙනුවෙන් නෙත් එෆ්. එම්. රේඩියෝව විශේෂ සමාජ සත්කාරක වැඩසටහනක් අද (16) සිදු කළා.

ඒ, එම විද්‍යාලයට අවශ්‍ය කී‍්‍රඩා උපකරණ ඇතුළු පහසුකම් ලබාදෙමින්.

විද්‍යාලයේ සිසුවියන් වෙනුවෙන් විශේෂ පාපන්දු සැසියක් ද ඊයේ (15) දිනයේ පැවැත්වුණා.

නෙත් එෆ්. එම් රේඩියෝවත් අමෙරිකාවේ සේවය කරන මාලිකා ජයසූරිය වෛද්‍යවරියත් එක් වෙමින් මෙම පාසලට ක්‍රීඩා උපකරණ ලබාදීම සිදු කිරීමට අමතරව පාපන්දු සම්මේලනයේ නිලධාරියෙකුගේ අධික්ෂණය යටතේ පාපන්දු කඳවුරක් පැවැත්වීමද සිදු වුණා.