Saturday, April 27, 2024

General line - 0115112241

එජාපයේ ප්‍රබලයින් කිහිපදෙනෙක් පොහොට්ටුවට එන බවට ඩලස්ගෙන් අනාවරණයක්




එක්සත් ජාතික පක්ෂයේ ප‍්‍රබලයින් කිහිපදෙනෙකු ඉදිරියේදී ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග එක්වීමට නියමිත බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර ඩලස් අලහප්පෙරුම පවසනවා.

ඔහු මෙම අදහස් පළ කළේ ඊයේ (16) රාති‍්‍රයේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඩ් වැඩසටහනට එක්වෙමින්. 

"හෙට අනිද්දා එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබල නායකයෝ කිහිපදෙනෙක් අපිට එකතු වෙනවා. එතකොට දැන් තියෙන දේවත් ඒ ගොල්ලන්ට රැක ගන්න බැරි වෙනවා. එක්සත් ජාතික පක්ෂයේ පාක්ෂිකයන්ට දැන් තමන්ගේ පක්ෂය නාය යන බව දැනෙන්න පටන් අරං තියෙන්නේ. ගෝඨාභය රාජපක්ෂ මහතාට මඩ ගහලා.. චරිතය ඝාතනය කරලා.. හිරේ දාන්න කුමන්ත්‍රණය කරලා මෙතනින් ගොඩ එන්න බෑ."

ඊයේ රාති‍්‍රයේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඩ් මෙම සම්පූර්ණ වැඩසටහන පහතින් ශ‍්‍රවණය කළ හැකියි.