Saturday, April 27, 2024

General line - 0115112241

සිසුන්ට කාඩ්බෝඩ් පෙට්ටිවලින් හිස ආවරණය කරගෙන විභාගය ලියන්න කිව්ව ගුරුවරු සමාව ඉල්ලයි (PHOTOS)




කාඞ්බෝඞ් පෙට්ටියක් හිස පළන්දවා සිසුන්ට විභාගයක් ලිවීමට සැලැස්වූ ඉන්දියාවේ කර්නාටක ප‍්‍රාන්තයේ පාසලක පාලනාධිකාරිය පසුව ඒ වෙනුවෙන් සමාව අයැද තිබෙනවා.

ඒ, එම පාසලේ සිසුන්, සිය ගුරුවරුන් විසින් ලබාදුන් කාඞ්බෝඞ් පෙට්ටි හිස පැළඳ ප‍්‍රශ්ණ පත‍්‍ර සඳහා පිළිතුරු සපයන ආකාරය දැක්වෙන ඡායාරූප සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරුවීමත් සමගයි.

සිද්ධිය වාර්තාවීමත් සමගම ප‍්‍රාන්ත බලධාරීන් විභාගය පැවැත්වෙන අවස්ථාවේදීම එම පාසලට ගොස් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. එහිදී පාසල් බලධාරීන් පවසා ඇත්තේ සිසුන් විභාගය කොපි කිරීම වැළැක්වීම සඳහා මෙම පියවර ගත් බවයි.

ඊට අකමැති සිසුන් හට කාඞ්බෝඞ් පෙට්ටි පැළඳීමෙන් වැළකී සිටීමට අවස්ථාව ලබා දුන් බවත්, එය පැළඳි ඇතැම් සිසුන් මද වේලාවකින් සිය කාඞ්බෝඞ් පෙට්ටිය ඉවත් කළ බවත් පාසල් බලධාරීන් කියා සිටියා. එහෙත් මානව හිමිකම් සංවිධාන චෝදනා කරන්නේ පාසල් සිසුන් සඳහා මෙය කිසිසේත්ම සුදුසු නොවන කි‍්‍රයාවක් බවයි. 

රසායන විද්‍යා ප‍්‍රශ්න පත‍්‍රය පැවැති දිනයේ එය කොපිකිරීම වැළැක්වීම සඳහා එක්පසක කුඩා කොටසක් පමණක් විවෘත වූ කාඞ්බෝඞ් පෙට්ටි හිසපළන්දවා පාසල් බලධාරීන් දරුවන්ට මෙලෙස පිළිතුරු සැපයීමට කටයුතු කර තිබුණා.