Friday, April 26, 2024

General line - 0115112241

මල් වෙඩිල්ලක් දැල්වීමට ගිය දරුවෙකු ජිවිතක්ෂයට 




කටාන පොලිස් බල ප්‍රදේශයේ විහාරස්ථානයක පැවති වාර්ෂික කඨින පිංකමක් අතර වාරයේදී මල් වෙඩිල්ලක් දැල්වීමට ගිය 14 හැවිරිදි දරුවෙක් එම මල් වෙඩිල්ල එක්වරම පිපිරී යාමෙන් ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

කටාන, ඇටඹගහවත්ත ප්‍රදේශයේ දී මෙම දරුවා විහාරස්ථානයේ කඨින පෙරහැර සිය නිවස අසලින් ගමන් කරන අවස්ථාවේදී මෙම දරුවා අඩියක් පමණ බිම තබා මල් වෙඩිල්ලක් දැල්ලුවත් එය පත්තු නොවීම හේතුවෙන් නැවතත් එයට එබී බලන අවස්ථාවේදී එක් වර මල් වෙඩිල්ල පත්තු වී ඇති බවයි පොලිසිය පැවසුවේ.

මල් වෙඩිල්ල එක් වර පත්තුවිම නිසා එම දරුවා තුවාල ලබා ඇති අතර ඔහුව මිගමුව රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇති බවයි පොලිසිය පැවසුවේ. සිද්ධිය සම්බන්ධයෙන් කටාන පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.