Saturday, April 27, 2024

General line - 0115112241

හිමිනමකට මරණ තර්ජණය කළ දිඹුලාගල ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති අත්අඩංගුවට




හිමි නමකට බැණ තර්ජනය කොට මරණ තර්ජණය කිරීමේ සිදුවීමක් සම්බන්ධයෙන් දිඹුලාගල ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති ජගත් සමරවික්‍රම අරලගංවිල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කර සිටිනවා.

අරලගංවිල, සුරියදේව රජමහා විහාරස්ථානයේ විහාරාධිපති කිඹුල්වලානේ සීලානන්ද හිමියන්ට සැකකාර හිටපු සභාපතිවරයා විසින් බැණ තර්ජණය කොට මරණ තර්ජණය සිදුකළ බවට පොලිසියට ලද පැමිණිලක් අනුව අරලගංවිල පොලිසිය විසින් සිදුකළ විමර්ශනයකට අනුව ඔහුව අද (08) දිනයේදී අත්අඩංගුවට ගෙන ඇත්තේ.

අත්අඩංගුවට ගනු ලැබූ සැකකරුව දෙහිඅත්තකණ්ඩිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.