Friday, April 26, 2024

General line - 0115112241

නිශ්ශංක සේනාධිපතිගේ ඇප අයැදුම ප්‍රතික්ෂේප කරයි 

අධිකරණ වාර්තාකරු

ගාල්ල ආසන්න මුහුදේ එම්.වී. ඇවන්ගාඩ් නැමැති නෞකාව තුළ නිසි බලපත්‍රයක් නොමැතිව ස්වයංක්‍රිය ගිනි අවි 816 ක් සහ ජීව උණ්ඩ 2020,935 ක් තබාගැනීම සම්බන්ධයෙන් අධි චෝදනා ලැබ සිටින ඇවන්ගාඩ් සමාගම් සභාවේ නිශ්ශංක සේනාධිපති ඉදිරිපත් කළ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කොට ඔහු දෙසැම්බර් මස 3 දා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණය අද (08) නියෝග කළා .

මෙම නඩුවේ හත් වන විත්තිකරු වන නිශ්ශංක සේනාධිපති වෙනුවෙන් අද දින ඔහුගේ නීතිඥවරයා ඕනෑම කොන්දේසියක් මත ඇප මත මුදාහරින ලෙසට අධිකරණයෙන් ඉල්ලා සිටියා. කෙසේවෙතත් විත්තිකරු මීට පෙර විදේශ ගත වී හිතාමතා අධිකරණය මගහැරීමට කටයුතු කර ඇති බවත් ඒ නිසා ඔහු ඇප මත මුදාහැරීමට නීතිපතිවරයා විරෝධය පලකරන ලදී .

මෙම සිද්ධිය සම්බන්ධයෙන් ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුව පවතින අවස්ථාවේ බව මහාධිකරණය අවධාරණය කළ අතර ඒ අනුව විත්තිකරු සිතා මතා අධිකරණය මගහැරීමක් සිදු කර ඇති බවට නීතිපතිවරයා චෝදනා කර සිටියා . කරුණු සලකා බලා විත්තිකරු දෙසැම්බර් මස 3දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මහාධිකරණය නියෝග කළා .

මෙම නඩුව අද ධම්මික ගනේපොල, ආදිත්‍ය පටබැඳිගේ සහ මංජුල තිලකරත්න යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ කැදවනු ලැබුවා. 

මෙම නඩුව සම්බන්ධයෙන් මීට පෙර අධිකරණයට ඉදිරිපත් කළ විශ්‍රාමික හමුදා මේජර් ජෙනරාල්වරුන් වන පාලිත ප්‍රනාන්දු සහ බී එගොඩවෙල, ජාතික පොලිස් කොමිසමේ හිටපු ලේකම් සමන් දිසානායක රක්නා ලංකා ආරක්ෂක සමාගමේ හිටපු සභාපති වික්ටර් සමරවීර ඇතුළු පස් දෙනෙකු ඇප මත මුදා හැරීමට අධිකරණය නියෝග කර තිබුණා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඇවන්ගාඩ් මෙරිටයිම් සර්විස් සමාගමේ සභාපති නිශ්ශංක යාපා සේනාධිපති ඇතුළු විත්තිකරුවන් 13 දෙනකුට එරෙහිව නීතිපතිවරයා කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණයේ නඩු පවරනු ලැබුවා.

මෙම විත්තිකරුවන් 13 දෙනාට එරෙහිව චෝදනා 7573 ක් යටතේ නඩු පැවරීමට නීතිපතිවරයා කටයුතු කර තිබුණේ.

2014 වසරේ අප්‍රේල් මස 7 වනදා සහ 2015 වසරේ ඔක්තෝබර් මස 6 වනදා දක්වා කාලසීමාව තුළ ගාල්ල ආසන්න මුහුදේ එම්.වී. ඇවන්ගාඩ් නැමැති නෞකාව තුළ නිසි බලපත්‍රයක් නොමැතිව ස්වයංක්‍රිය ගිනි අවි 816 ක් සහ ජීව උණ්ඩ දෙලක්ෂයකට ප්‍රමාණයක් ලග තබාගැනීම තුළින් විත්තිකරුවන් දණ්ඩණීය වරදවල් සිදුකර ඇති බවට චෝදනා කරමින් නීතිපතිවරයා විසින් මෙම නඩුව ගොනු කර තිබුණා.