Saturday, April 27, 2024

General line - 0115112241

පීඩාවට පත්ව සිටින සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් මුහුණ දී ඇති ගැටලුවලට කඩිනම් විසඳුමක්




පීඩාවට පත්ව සිටින සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් මුහුණදී ඇති ගැටළුවලට කඩිනම් විසදුමක් ලබාදෙන බව රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ පවසනවා. ඒ සම්බන්ධයෙන් බැංකුවලින් වාර්තා ලබාගැනීමෙන් අනතුරුව සතියක් තුළ එම සහනය ලබාදෙන බවයි ඔහු කියාසිටියේ. 

ඉකුත් ආණ්ඩුව සමයේ ක්‍රියාත්මක කළ ණය යෝජනා සම්බන්ධයෙන් වාර්තාවක් කැදවා ඇති බවයි රාජ්‍ය අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළේ.

රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මෙම අදහස් පළ කළේ මුදල් අමාත්‍යාංශයේදී සංවර්ධන බැංකු හා ණය යෝජනා පිළිබද රාජ්‍ය අමාත්‍යවරයා ලෙස වැඩ ආරම්භ කිරීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින්.