Saturday, April 27, 2024

General line - 0115112241

වැසි සහිත කාලගුණයෙන් පවුල් 48000 ක් පිඩාවට පත්වෙයි




දිස්ත්‍රික්ක කිහිපයකට බලපෑ වැසි සහිත කාලගුණ තත්වය හේතුවෙන් පවුල් 48,339 කට බලපෑම් එල්ල වී තිබෙනවා. මේ, ඒ පිළිබඳ කරුණු දක්වන ආපදා කළමණාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි.

වැව් සහ ජලාශ කිහිපයක වාන් දොරටු තවදුරටත් විවෘතව පවතින බැවින් පහත් බිම්වල සිටින ජනතාව ඒ පිළිබඳ අවධානයෙන් පසුවන ලෙසයි දැනුම් දී සිටින්නේ.

මේ අතර කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ අද රාත්‍රියේ ද සබරගමුව, බස්නාහිර, මධ්‍යම සහ දකුණු යන පළාත්වල ඇතැම් ස්ථානවලට මිලි මීටර් 100 ක පමණ තද වර්ෂාපතනයක් අපේක්ෂා කළ හැකි බවයි. බදුල්ල, මොණරාගල, මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලි මීටර් 75 ත් 100 ත් දක්වා වන තරමක තද වැසි ඇති විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ. 

මේ අතර වැසි සහිත කාලගුණ තත්වය හේතුවෙන් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් බදුල්ල, මහනුවර, නුවරඑළිය, රත්නපුර සහ මොණරාගල යන දිස්ත්‍රික්කවලට නිකුත් කර තිබූ නායයෑම් අවදානම් නිවේදනය තවදුරටත් දීර්ඝ කර තිබෙනවා.