Saturday, April 27, 2024

General line - 0115112241

රුසියාවට ජාත්‍යන්තර ක්‍රීඩා තරග තහනමක්  




ලෝක තහනම් උත්තේජක නිවාරණ ආයතනය (WADA) විසින් රුසියාවට ජාත්‍යන්තර ක්‍රීඩා තරග තහනමක් පනවා තිබෙනවා. ඒ වසර 04ක් සඳහායි. ඒ අනුව රුසියාවට සියළුම ප්‍රධාන පෙළේ ජාත්‍යන්තර ක්‍රීඩා තරග වලට සහභාගී වීමට නොහැකි වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටින්නේ.

ඒ අනුව වසර 2020 ටෝකියෝ හි පැවැත්වෙන ඔලිම්පික් තරගාවලිය සහ 2022 වසරේ දී කටාර් හි පැවැත්වෙන පාපන්දු ලෝක කුසලාන තරගාවලිය සඳහා රුසියානු ධජය සහ ජාතික ගීතය ගායනා කිරීමට ඉඩ නොලැබෙනු ඇති.

යම් හෙයකින් මත්ද්‍රව්‍ය පරීක්ෂණය සඳහා පෙනී සිටින රුසියානු ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා " පොදු ධජයක්" යටතේ ඉදිරි වසර 04 ක කාලය සඳහා ජාත්‍යන්තර ක්‍රීඩා තරග සඳහා පෙනී සිටිමට හැකිවනු ඇති.

ස්විට්සර්ලන්තයේ ලෝසාන් හිදී රැස්වූ ලෝක තහනම් උත්තේජක නිවාරණ ආයතනයේ නිලධාරීන් විසින් අද (09) දිනයේදී මෙම තීරණය ගනු ලැබුවා. ඒ 2019 වර්ෂයේ ජනවාරි මාසයේදී රුසියානු තහනම් උත්තේජක නිවාරණ ඒජන්සිය විසින් විමර්ශනය සඳහා භාර දුන් රසායනාගාර සාම්පල් දත්ත වෙනස් කිරීමේ සිදුවීම හේතුවෙන් බවයි වාර්තා වන්නේ.