Saturday, April 27, 2024

General line - 0115112241

තිසර පෙරේරා යුධ හමුදාවට 




ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩකයෙක් වන තිසර පෙරේරා ශ්‍රී ලංකා යුධ හමුදාවට අද (29) එක්වී තිබෙනවා. ඒ ස්වේච්ජා බලසේනාවේ බලලත් කමිෂන් නිලධාරියෙක් වශයෙන් බවයි යුධ හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් චන්දන වික්‍රමසිංහ ප්‍රකාශ කලේ. 

ශ්‍රී ලංකා යුධ හමුදා ක්‍රිකට් කණ්ඩායමට ක්‍රීඩා කිරීමේ අරමුණින් තිසර පෙරේරා මෙලෙස යුධ හමුදාවට එක්වී තිබෙනවා. ස්වේච්ජා බලසේනාවට එක්වූ ඔහු යුධ හමුදා මේජර්වරයෙක් වශයෙන් කටයුතු කරනු ඇති අතර ඔහුගේ මව් ඒකකය වන්නේ ගජබා රෙජිමේන්තුවයි.

මිට පෙර දිනේෂ් චන්දිමාල් ද ශ්‍රී ලංකා යුධ හමුදා කණ්ඩායමට ක්‍රීඩා කිරිම සඳහා ස්වේච්ජා බලසේනාවේ කමිෂන් නිලධාරියෙක් ලෙසට එක්වූවා.