Friday, April 26, 2024

General line - 0115112241

පාඨලීගේ රියදුරාගෙන් මහේස්ත්‍රාත් නිල කාමරයේදී ප්‍රශ්න කෙරේ




හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවකගේ රියදුරු දිලුම් තුසිත කුමාර නැමැත්තාගෙන් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කාංචනා නිරංජලාද සිල්වා අද (23) පෞද්ගලිකව ප්‍රශ්න කළා. කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ මහේස්ත්‍රාත් නිල මැදිරියේදී විනාඩි 10කට ආසන්න කාලයක් ප්‍රශ්න කිරීම සිදුවූ බවයි නෙත් නිවුස් අධිකරණ වාර්තාකරු පැවසුවේ.

හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවකට චෝදනා නගා ඇති රාජගිරිය ප්‍රදේශයේ සිදු වූ ආන්දෝලනාත්මක රිය අනතුර සම්බන්ධයෙන් අධිකරණයට රහස්‍ය ප්‍රකාශයක් ලබා දීමට බලාපොරොත්තුවන බව දිලුම් තුසිත කුමාර නැමැත්තා මීට පෙර ප්‍රකාශ කළා. මෙම රහස්‍ය ප්‍රකාශය ස්වෙච්චාවෙන්ම සිදු කරන්නක්දැයි කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කාංචනා නිරංජලාද සිල්වා අද ඔහුගෙන් ප්‍රශ්න කර තිබෙන බවයි නෙත් නිවුස් අධිකරණ වාර්තාකරු වැඩිදුරටත් පැවසුවේ.

ඒ අනුව ඉදිරි දිනකදී දිලුම් තුසිත කුමාර නැමැත්තා සිය රහස්‍ය ප්‍රකාශය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේදී ලබා දීමට නියමිතව තිබෙනවා.