Friday, April 26, 2024

General line - 0115112241

සියලු රටවල් චීන ජාතිකයින්ට සංචාරක සීමා පනවන්න : පර්යේක්ෂකයින් දැනුම් දෙයි




පැතිරෙමින් පවතින නව කොරෝනා වෛරසය ලොවපුරා පැතිරි යාම වැළැක්වීම සඳහා ලොව සියළු රටවල් වහාම චීන ජාතිකයින්ට සංචාරක සීමා පැනවීමට පියවර ගත යුතු බව විශේෂඥයින් අනතුරු අඟවා තිබෙනවා.

හොංකොං සරසවියේ විශේෂඥයින් සඳහන් කර සිටින්නේ චීනයේ වුහාන් ප්‍රාන්තයෙන් ආරම්භ වූ කොරෝනා වෛරසය මේ වන විට සීඝ්‍රයෙන් පැතිරී යාම ආරම්භ කර ඇති බවයි.

"මෙය ගෝලීය වසංගත රෝගී තත්ත්වයක් බවට පත්වීමට ආසන්න තත්ත්වයේ පසුවන්නේ. ඒ වෙනුවෙන් ලොව අනෙක් රටවල් චීන ජාතිකයින්ට සංචාරක සීමා පැනවීමට පියවර ගන්න අවශ්‍යයි" හොංකොං සරසවියේ විශේෂඥ පර්යේෂණ කණ්ඩායමේ ප්‍රධානී Gabriel Leung සඳහන් කර සිටින්නේ.

චිනයේ වුහාන් ප්‍රාන්තය කේන්ද්‍ර කර ගනිමින් පටන් ගත් මෙම වෛරසය දිනෙන් දිනම පැතිරෙමින් තියෙනවා. එය වැඩි ජනගහණයක් තිබෙන බිජිං, ශැන්හායි, චොංන්කින් ඇතුළු ප්‍රධාන පෙළේ නගරවලට පැතිරි යාමේ අවධානමක් තිබෙනවා යැයි හොංකොං සරසවියේ විශේෂඥ පර්යේෂණ කණ්ඩායමේ ප්‍රධානී Gabriel Leung වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

මේ නගරවල ප්‍රධාන පෙලේ ජාත්‍යන්තර ප්‍රවාහන සේවා (ගුවන් තොටුපළවල්) ක්‍රියාත්මකයි. මේ ගුවන් තොටුපළවල් මගීන් රෝග වැළදුණු රෝගීන්  ලොවපුරා සංචාරය කිරිමේ ඉඩකඩ බහුල බවයි හොංකොං සරසවියේ පර්යේෂණ කණ්ඩායම අනතුරු අඟවා සිටියි.

දැනට වාර්තාවන රෝගීන් සංඛ්‍යාව සමග සංසන්දනය කිරිමේදී චීනය තුල පමණක් නව කොරෝනා වෛරසට ගොදුරුවූ පිරිස 44,000 ක් බවත් එය සෑම දින දෙකකට වරක් දෙගුණයකින් ඉහළ යා හැකි බවයි විශේෂඥ පර්යේෂණ කණ්ඩායම සඳහන් කර සිටින්නේ.