Saturday, April 27, 2024

General line - 0115112241

මීගමුව බන්ධනාගාරයේ හෙරොයින්




මීගමුව බන්ධනාගාරයේ විශේෂ ඝණයේ සැකකරුවන් රඳවා සිටින වාට්ටුවක තිබී හෙරොයින් හමුවී තිබෙනවා. හමුවූ හෙරොයින්වල බර ග්‍රෑම් 64 ක්. දුම්වැටි 400 කට වැඩි ප්‍රමාණයක්, ජංගම දුරකතන 08 ක් සහ ස්මාට් ජංගම දුරකථනවල උපාංග සමහරක් ද එහි තිබි හමුවී ඇති බවයි නෙත් නිවුස් වෙත වාර්තා වුණේ.

බන්ධනාගර නිලධාරීන් ඊයේ රාත්‍රියේ සිදු කළ හදිසි සෝදිසියකදී මෙම ද්‍රව්‍ය හමුවී තිබෙනවා. සෝදිසියට ලක්වුණේ මීගමුව බන්ධනාගාරයේ අංක 02 වාට්ටුවයි. රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සැකකරුවන් 60 දෙනෙකු පමණ එහි රඳවා සිටිනවා.