Friday, April 26, 2024

General line - 0115112241

හංසයා ගෙන් එන්න තීන්දු කරයි 




එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ ජාතික සමගි ජනබල වේගය සන්ධානය ඉදිරි මහ මැතිවරණය සඳහා හංසයා ලකුණින් තරග කිරිමට තීරණය කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී නවීන් දිසානායක ප්‍රකාශ කර සිටිනවා.

කෙසේ වුවත් එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ නව සන්ධානය සම්බන්ධයෙන් හෙට දිනයේ සාර්ථක පිළිතුරක් ලැබෙනු ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ සී අලවතුවල පවසනවා. මන්ත්‍රීවරයා කියා සිටියේ මැතිවරණයට ඉදිරිපත් වන්නේ හංසයා ලකුණින් ද නැතහොත් අලියා ලකුණින් ද යන්න එහිදී තීරණය කරනු ඇති බවයි. 

නව සන්ධානයේ බලතල සම්බන්ධයෙන් ද මෙහිදී අදහස් පළ කෙරුණා. 

පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ සී අලවතුවල මේ බව පැවසුවේ අද පැවැති මාධ්‍ය හමුවකදීයි.