Saturday, April 27, 2024

General line - 0115112241

විස්සයි 20 කාන්තා ලෝක කුසලාන පළමු තරගයෙන් ඉන්දියාවට ජය




අද (21) ආරම්භ වූ පන්දුවාර විස්සයි විස්ස කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පලමු තරගයේ ජය වාර්තා කිරීමට ඉන්දීය කණ්ඩායම සමත් වුණා. ඒ, සත්කාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායම ලකුණු 17කින් පරාජය කරමින්. 

සිඞ්නිහීදී පැවති මෙම තරගයේ පලමුව පන්දුවට පහර දුන් ඉන්දීය කාන්තා කණ්ඩායම පන්දුවාර විස්ස තුල කඩුලු 04ක් දැවී ලකුණු 132ක් රැස් කළා. ඕස්ට්‍රේලියානු කාන්තා පිලට පන්දුවාර 19යි පන්දු 05කදී සියල්ලන් දැවී රැස් කළ හැකි වුයේ ලකුණු 115ක් පමණයි. 

මෙම තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වන පලමු තරගය හෙට (22) නවසීලන්ත කණ්ඩායමට එරෙහිව පර්ත් හීදි පැවැත්වීමට නියමිතයි.