Saturday, April 27, 2024

General line - 0115112241

පරිපූරක ඇස්තමේන්තුව හරහා මුදල් ඉල්ලු හේතුව ඇමති බන්දුල කියයි




පරිපූරක ඇස්තමේන්තුව හරහා මුදල් ඉල්ලා සිටියේ ඉකුත් ආණ්ඩුව සමයේ කොන්ත්‍රාත්කරුවන් වෙනුවෙන් ගෙවීමට තිබූ මුදල් පියවීමට බව අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන පවසනවා. ඔහු මෙම අදහස් පළ කළේ කොළඹ අද (22) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීයි.

ණය ලබා ගැනීම සම්බන්ධයෙන් ද අමාත්‍යවරයා මෙහිදී අදහස් පළ කළා.

විපක්ෂය සහය නොදීම හේතුවෙන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ පරිපූරක ඇස්තමේන්තුව ඉල්ලා අස් කර ගැනීමට ආණ්ඩුව ඉකුත්දා පියවර ගනු ලැබුවා.