Saturday, April 27, 2024

General line - 0115112241

MG ධනුෂ්කට වරෙන්තු




ජනපි‍්‍රය ගායන ශිල්පී එම් ජී ධනුෂ්ක අත්අඩංගුවට ගන්නා ලෙස කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් අධිකරණය අද (03) වරෙන්තු නිකුත් කළා. ඒ, අධිකරණයේ විභාග වූ නඩුවකට පෙනී නොසිටීම හේතුවෙන්.

බයිලා චක‍්‍රවර්තී එම් එස් ප‍්‍රනාන්දුගේ ගීත නිසි අවසරයකින් තොරව රියැලටි වැඩසටහනක ගායනා කිරීම සම්බන්ධයෙන් බුද්ධිමය දේපල පනත යටතේ මෙම නඩුව පවරා තිබුණා. මෙම නඩුව ගොණුකර තිබුණේ සරත් ප‍්‍රනාන්දු නමැත්තෙකු විසින්.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව පරීක්‍ෂණ පැවැත්වූ අතර මීට පෙර අවස්ථාවකදී අදාළ ගීත ගායනා නොකරන බවට සමථයකටද එළඹ තිබුණා. අද දින සමථය වාර්තා කිරීම සදහා මෙම නඩුව කැදවා තිබුණා.