Friday, April 26, 2024

General line - 0115112241

කොදෙව්වන්ට එරෙහි විස්සයි 20 කණ්ඩායමේ නායකත්වය මාලිංගට




බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවැත්වෙන පන්දුවාර 20 ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා ලෙස ලසිත් මාලිංග නම් කර තිබෙනවා. ක්‍රීඩකයින් 15 දෙනෙකුගෙන් සමන්විත සංචිතය සඳහා තිසර පෙරේරා, කුසල් මෙන්ඩිස් සහ නුවන් ප්‍රදීප් යළි කැඳවා තිබීම විශේෂත්වයක්.

ඒ, ඉකුත් පන්දුවාර 20 තරග කිහිපයකදී දක්ෂතා දැක්වූ භානුක රාජපක්ෂ, ඕෂධ ප්‍රනාන්දු සහ කසුන් රාජිත සංචිතයෙන් ඉවත් කරමින්. මේවනවිට පැවැත්වෙන එක්දින තරගාවලියට එක් නොවන දසුන් ශානක ද පන්දුවාර 20 තරගාවලියට කැඳවා තිබෙනවා. තරග 02 කින් සමන්විත දෙරට අතර පන්දුවාර 20 ක්‍රිකට් තරගාවලිය ලබන 04 වනදා ආරම්භවීමට නියමිතයි.