Wednesday, May 8, 2024

General line - 0115112241

ජනපති දුන් ණය සහනය කර්මාන්තශාලා වලටත් ලබාදෙන්නැයි "කර්මාන්ත ශාලා රැකගැනීමේ සංසදය"ඉල්ලයි




රට ආර්ථිකය අර්බුදයකට මුහුනපා සිටින මොහොතක ව්‍යාපාර කටයුතු වලට විශාල බරක් වී ඇති බැංකු සහ මුල්‍ය ආයතන විසින් ලබා දී ඇති ණය අය කිරීම මාස 06 කට නතර කිරීමට ජනාධිපතිවරයා විසින් කර ඇති නියෝගය කර්මාන්තශාලා සඳහාද ලබාදෙන මෙන් කර්මාන්තශාලා රැක ගැනීමේ සංසදය රජයෙන් ඉල්ලා සිටිනවා.

තවද කාරක ප්‍රාග්ධනය අතිශය වැදගත් වන්නේ කර්මාන්තශාලා වලට බැවින් 4% ණය පොලී සහනය කර්මාන්තශාලා හිමිකරුවන් සඳහාද ලබා දෙන ලෙසයි වැඩිදුරටත් ඔවුන් සඳහන් කරන්නේ.

එසේ නොවුනහොත් අප රටේ අති විශාල ජනතාවකට රැකියා සපයන දේශීය කර්මාන්තශාලා රැසක් නොදුරේදීම වැසි යෑමට ඉඩ ඇති බවයි ඔවුන් රජයට අවධාරණය කර සිටින්නේ.